හැමෝටම කරදරයක් වන ආතතිය මගහරවා ගන්නේ කෙසේද..?

ආතතිය අද සමාජයේ සියලු දෙනා බොහෝ අවස්ථා වලදී මුහුණ දෙන සාමාන්‍ය තත්වයක්.නමුත් තවත් පුද්ගලයන් හට මෙය රෝගයක් ලෙසද ඇතිවෙනවා.ආතතිය ඉංග්‍රීසි බසින් Anxiety ලෙස හදුන්වන අතර මෙහි විවිධ ප්‍රභේද හා ඒ හා සමග යන විවිධ රෝගද පවතිනවා.
  • Anxiety-ආතතිය
  • Social Anxiety-සමාජ ආතතිය
  • Panic Attack-සන්ත්‍රාසය
  • Generalized Anxiety Disorder-පොදු කාංසාව
මෙම රෝග වලට පොදු රෝග ලක්ෂණ (symptoms)
  • කිසිවෙකුට මුහුණට මුහුණ කතා කිරීමේ අපහසුව.
  • පිරිසක් සමග සිනහ වීමේදී මුඛය අවට නලියනගතිය.
  • හදවත ස්පන්ධනය වන වේගය වැඩි වීම.
  • නාඩි වැටීම වේගවත් වීම.
  • අතපය දරදඬු වීම.
  • කතාකිරීමේ අපහසුතාවය.
  • සියලුදේ ගැන ඕනවට වඩා සිතීම
  • ක්ෂණික තීරණ ගැනීමේ අපහසුතාවය
  • උදරය තුල දැවිල්ලක් හට ගැනීම.
  • මුඛය විවර කිරීමේ අපහසුතාවය හා ගිලීමේ අපහසුතාවය.
 ආතතිය උත්සන්න වීමට හා රෝගයක් ලෙස ඇතිවීමට බලපාන හේතු(Causes)
  • සියලුදේ ගැන ඕනවට වඩා සිතීම.
  • සුළු සුළු දේගැන අතිශය බියට පත්වීම.
  • මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්
  • හා තවත් හේතු
ආතතිය වලක්වා ගන්නේ කෙසේද...?
  • නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගැනීමට හුරුවීම.
  • සියලුදේ ගැන ඕනවට වඩා සිතීමෙන් වැලකීම.
  • තමා බියවන කාරණා වලට නොබියව මුහුණ දීම.
  • ස්වසන අභ්‍යාස සිදුකිරීම.
  • ව්‍යායාම කිරීම.
  • යෝග අභ්‍යාස සිදුකිරීම.
  • තේ,කෝපි වැනි කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වැලකීම.
  • මනසින් මවාගැනීමේ ප්‍රතිකාරය.
  • ඉහිල් කිරීමේ අභ්‍යාස සිදු කිරීම.
  • පිළිගත් මානසික වෛද්‍යවරයෙකු මුණ ගැසීම. 
 ආතතිය වලක්වා ගැනීමට වෛද්‍යවරයෙකු මුනගැසීමට අමතරව අපට අපවිසින්ම මෙම ආතතිය වලක්වා ගැනීමට කල හැකි දේ...
  • මනසින් මවාගැනීමේ ප්‍රතිකාරය (Visual Imagery)
ආතතියට අදාළ රෝග ලක්ෂණ පහල වනවිට දෙඇස් පියාගෙන මුහුදු වෙරලක් සිතින් මවාගෙන ඔබ මුහුදු වෙරළේ දැකිය හැකි දේ ගැන මෙනෙහි කරන්න.ක්‍ෂිතිජය,ඉර බැසගෙන යන ආකාරය,මුහුදේ ස්වභාවය,ජලයේ නිල් පැහැති වර්ණය,මෙනෙහි කරන්න.එසේ කරන ගමන් ඔබ මුහුදු වෙරළේ සිටින අයුරු මෙනෙහි කරන්න.මුහුදු වැලි පයට පෑගෙන ආකාරය,මුහුදු සුලන් ගත දවටන ආකාරය සිතින් මවාගන්න.මෙලෙස විනාඩි 5ක් පමණ සිදුකරන්න.නමුත් මෙය සමහර අවස්ථා වලදී සිදුකිරීමට අපහසු අවස්ථා ද ඇත.
  • ඉහිල් කිරීමේ අභ්‍යාසය
දෙඇස් පියාගෙන ආශ්වාස කරන්න.ඒ කරන අතරතුරේදී ඔබගේ එක අතක් ඒ ආශ්වාස කිරීමත් සමග දැඩි,තද,මාංශ පේශි සිරකරගන්න.තත්පර දෙකක් පමණ හුස්මත් සමග මාංශ පේශි ඒ ආකාරයෙන්ම තබා ගන්න.ඉන්පසු ප්‍රශ්වාසයත් සමග එම මාංශ පේශි ඉහිල් කරගන්න.මෙසේ ඔබේ මුලු සිරුරේම එක් එක් ස්ථාන වලට සිධු කරන්න.දෙඅත්,පාද,ගෙල,උදරය ආදී ස්ථානවලට අශ්වාසයේදී මාංශ පේශි තද කිරීම හා ප්‍රශ්වාසයේදී ඉහිල් කිරීම සිදු කරන්න.
මෙම ලිපිය ඔබට උදවුවක් වේයැයි සිතමි.

Comments

Popular posts from this blog

මෙතෙක් නිපදවූ ලොව මිල අඩුම Smart ජංගම දුරකථනය.Cheapest Smart Phone In the World