T.M Dilshan announced his retirement ( තිලකරත්න දිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි )
තිලකරත්න ඩිල්ෂාන් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාම ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා.ඔහු වත්මන් ශ්‍රිලංකා කණ්ඩායමේ සිටින පරිණතම ක්‍රීඩකයා වන අතර ඔහුට මේ වසරේ ඔක්තොම්බර් මස 14 වන දිනට වයස අවුරුදු 40ක් වනවා.ඔහු මේ දිනවල පැවැත්වෙන ශ්‍රිලංකා ඔස්ට්‍රේලියා තරගාවලියේ දඹුල්ලේ පැවැත්වෙන 3න් වන එක්දින තරඟයෙන් හා කොළඹ,පල්ලෙකැලේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ දෙකෙන් පසු තම ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කර තිබෙනවා.මෙය ශ්‍රිලංකාවේ ක්‍රිකට් ලෝලීන් හට ඉතා කනගාටු දායක පුවතක් වනු ඇත.
.......මේ ඔහු ගැන ලංකා ටෙක් වෙබ් අඩවියෙන් තබන සටහන..........
(තොරතුරු ගැනීම විකිපීඩියා වෙබ් අඩවියෙන්)
ඔහු විසින් නවතම ක්‍රිකට් පහරක් හදුන්වා දුන් අතර එය Dilscoop ලෙස හදුන්වයි.150kmph,140kmph වේගයෙන් තමා වෙතට එන පන්දුව හිසට ඉහලින් එල්ල කල හැක්කේ ඔහුටම පමණි.ඔහු ඉතා නිර්භීත ක්‍රීඩකයෙකි.ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණ තරඟය අවසන් වන තෙක් රැදී සිටිය හැකි ක්‍රීඩකයෙකි.
වැඩි විස්තර සඳහා විකිපීඩියා අඩවිය භාවිතාකරන්න.
- නම-තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්
- උපන්දිනය-1976 ඔක්තෝම්බර් 14
- පන්දුවට පහරදීම-දකුණත් පිතිකරු
- පන්දු යැවීම-දකුණත් පිටදඟ පන්දු
- කාර්යභාරය-තුන් ඉරියවු ක්‍රීඩක
- සහකාරිය-මංජුලා තිලිනි
- මංගල ටෙස්ට් තරඟය-1999 නොවෙම්බෙර් 18 සිම්බාබ්වේට එරෙහිව.
- මංගල එක්දින තරඟය-1999 දෙසැම්බර් 11 සිම්බාබ්වේට එරෙහිව.
- මංගල විස්සයි විස්ස තරඟය-2006 ජූනි 15 එංගලන්තයට එරෙහිව.
ඔහු සම්බන්දව ඇති ක්‍රීඩාසංගම් හා කණ්ඩායම්
- 1996–1998 Kalutara Town Club
- 1997–1998 Singha Sports Club
- 1998–2000 Sebastianites C&AC
- 2000 Bloomfield C&AC
- 2007–present Basnahira South
- 2008–2010 Delhi Daredevils
- 2010 Northern Districts
- 2011–2013 Royal Challengers Bangalore
- 2012 Basnahira Cricket Dundee
- 2013 Dhaka Gladiators
- 2014 Sydney Thunder
- 2013–present Tamil Union C&AC
- 2015 Derbyshire
- 2015–present Guyana Amazon Warriors
- 2015 Chittagong Vikings
(උපුටා ගැනීම-විකිපීඩියා වෙබ් අඩවිය)
(copyright by- wikipedia web site)ඔහු විසින් නවතම ක්‍රිකට් පහරක් හදුන්වා දුන් අතර එය Dilscoop ලෙස හදුන්වයි.150kmph,140kmph වේගයෙන් තමා වෙතට එන පන්දුව හිසට ඉහලින් එල්ල කල හැක්කේ ඔහුටම පමණි.ඔහු ඉතා නිර්භීත ක්‍රීඩකයෙකි.ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණ තරඟය අවසන් වන තෙක් රැදී සිටිය හැකි ක්‍රීඩකයෙකි.
දක්ෂ පන්දු රකින්නෙකු හා පන්දු යවන්නෙකුද වේ.තවද ඔහුට අවශ්‍ය වෙලාවට කඩුල්ල පිටුපස පන්දු රැකීමද කල හැක.කොටින්ම කියතොත් ඔහු පන්දු රැකීම,පන්දු යැවීම,පන්දුවට පහර දීම හා කඩුලු රැකීම යන සියලුම අංශයන්ගෙන් දක්ෂතා පෙන්වා ඇති ක්‍රීඩකයෙකි.නැවත ඔහු වැන්නෙක් බිහිවීමට කොතරම් කලක් ගතවේදැයි සිතිය නොහැක.ඔහුට වඩා දක්ෂ ක්‍රීඩකයන් හා ඔහු හා සමාන ක්‍රීඩකයන් බිහිවනු ඇත.නමුත් ඔහු වන්නෙකු බිහිවීම අවිනිශ්චිතය.ඔහු කිසිවෙකුට සමකල නොහැකි ක්‍රීඩකයෙකි.කුමාර සංගක්කාර,මහේල ජයවර්ධන,තිලකරත්න ඩිල්ෂාන් ත්‍රිත්වය මෑතකාලීන ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකල මෙහෙය ඉතා අගනේය.
ඔවුන්ගේ මතකයන් ක්‍රිකට් ලොව සදා අමරණීය මතකයන් වනු ඇත.ඔවුන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියත් තවදුරටත් ශ්‍රිලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට කටයුතු කරනු ඇත.එසේම ඔවුන්ගේ අත්දැකීම් ආධුනිකයන් හට මනා මගපෙන්වීමක් ලබාදෙනු ඇත.තිලකරත්න ඩිල්ෂාන් ගේ සමුගැනීමට සුබ පැතුම් එක්කරමින් ඔහුගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි පාර්ථනා කරමි.
ඒ සඳහා පහත ලින්ක් එක click කරන්න.
Comments
Post a Comment