ආදරය ගැන ඔබට දැනෙන්නේ කෙසේද.?

"සත්‍ය ආදරය කිසිදා නිමා නොවේ."

ආදරය කෙසේ,කවදා,කුමන ආකාරයට ඇතිවන්නේද යන්න කිසිවෙකු නොදන්නා කරුණකි.එය හුදෙක් හැගීමක්,මනෝභාවයක් ලෙස බොහෝදෙනා හදුන්වයි.එහෙත් ඒ ලෙස සිතනා අයෙකුටද ආදරය ඇතිවුවහොත් ඔවුන්ද එය තේරුම් ගනු ඇත.තමන් ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය ඔබ ලග ඇති විට ඔබට ඔහු හෝ ඇය ගැන කිසිදු හැගීමක් නොදැනුනත් ඔහු හෝ ඇය තමන්ගෙන් වෙන් වූ විට ඇතිවන හැගීම විස්තර කිරීම වචන වලින් සිදු කල නොහැක.
                                                                  එය ඔබද ජීවිතයේ යම්දිනක විදින්නට ඇත.එවන් වේදනාවක් දරාගැනීමට ඔබට හැකිවී තිබේද.? තමන්ගේ ආදරවන්තිය හෝ ආදරවන්තයා තමන්ගෙන් ටික කලකට හෝ ඈත්ව ගිය විට ඔහුට හෝ ඇයට ඔබගැනත්,ඔබට ඔහු හෝ ඇය ගැනත් ඇති වන හැගීම කෙබදු වනු ඇතිද.?එය ඉතා තද බල මානසික පීඩනයකි.
                                                ඔබගේ සිතෙහි ඔහු හෝ ඇය ගැන ඇති වන ආදරය කෙතරම් සත්‍ය වේද.? ඔහු හෝ ඇය ඔබෙන් වෙන් වූ විට ඔබට හා ඔබේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට ඇතිවන දුක ඉතා තදබල කනගාටුවක් වේ.කුඩා කල මවු පියන්ගෙන් යමක් ඉල්ලා නොලැබුණු විට ඔබ කෙතරම් හඩා ඇතිද..?ඒ කාලයේ ඔබගේ සිතෙහි ඇති වූ වේදනාව ඔබට මතකද.?ඒ වේදනාව මෙන් සිය දහස් ගුණයක කියාගත නොහැකි හැගීමක් ඔබගේ සිතෙහි ඇති වනු ඇත.එය පාලනය කිරීමට ඔබට නොහැකිවනු අතර එය ඔබව මනසින් ඉතා පහලට ඇද දමයි.
                                           තවත් බොහෝදෙනා ආදරය ආදරය නිසාම නොව රාගය නිසා ඇතිකරගනී.රාගය යනු ආදරය කරන දෙදෙනෙකුගේ සිත් පමණක් නොව ගතද එක් වීමයි.කලින් සිත් එක්වී පසුව ගත එක්වීම ඉතා සුන්දර වනු ඇත.
                               මාද ආදරයක පහස ලැබුවේ ඉතා කෙටි කාලයකි.නමුත් එය කෙතරම් තදින් මාහට හා ඇය හට දැනුනේද කියා විස්තර කිරීමට මාහට වචන එක් කල නොහැක.ඇයටද එසේ යයි මා සිතමි.ඒ මන්ද යත් ඇය මාකෙරෙහි ඇති දක්වන ලද සෙනෙහසද මා විසින්ම අත්දකින ලද බැවිනි.ඇය මා හට ඉක්මනින්ම මුනගැසේවියයි සිතමි.එවිට ඔබට පවසන්නට දෙයක් ඇත්තෙමි.ඒ "ගමන කෙතරම් කටුක හා අසීරු වුවද එදා පරිස්සමට තදින් අල්ලා ගත් ඔබේ සියුමැලි දෑත යලි කිසිදාක අත් නොහරින්නෙමි"යන්නයි.

Comments

Popular posts from this blog

මෙතෙක් නිපදවූ ලොව මිල අඩුම Smart ජංගම දුරකථනය.Cheapest Smart Phone In the World